දකුණු පළාත් නව ප්‍රධාන ලේකම් ලෙස වැඩභාර ගැනිමේ අවස්ථාව
දකුණු පළාත් ප්‍රධාන නව ලේකම් වශයෙන් රාජකාරි ඇරඹූ නීතිඥ සුමිත් අලහකෝන් මහතා
1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව, අගලවත්ත සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස වැඩභාරගත් ඔහු පසුව සහකාර ප්‍රදේශිය ලේකම් ලෙස, ගාල්ල කඩවත්සතර ප්‍රදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම්, දික්වැල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාලය, සහ ඉන්පසු දකුණු පළාත් සභාවට එක් වූ ඔහු දකුණු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ලෙසත්, පළාත් ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පසුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසත් රාජ්‍ය සේවයේ තනතුරු රැසක රාජකාරිවල නියුක්ත වූ ජේෂ්ඨ පරිපාලන නිළධාරියෙකි.
දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමා නව ප්‍රධාන ලේකම්තුමාට සුභපැතීම
දකුණු පළාත් නව ප්‍රධාන ලේකම් වැඩභාර ගැනිමෙන් පසු දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විලී ගමගේ මැතිතුමා විසින් නව ප්‍රධාන ලේකම් තුමාට සුභ පැතිම.
නව ප්‍රධාන ලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇමතීම
ප්‍රධාන ලේකම් දකුණු පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී ඇමතීම
ආර්. සී. ද සොයිසා මැතිතුමා
2015 - 2022
ඩබ්. කේ. කේ. අතුකෝරාල මැතිනිය
2013 - 2015
ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මැතිතුමා
2012 - 2013
එම්. සී. දිසානායක මැතිතුමා
2010 - 2012
ඩබ්. වීරකෝන් මැතිතුමා (වැඩබලන)
2010
එම්. බී. දිසානායක මැතිතුමා
2009 - 2010
ඒ. සමරසිංහ මැතිතුමා
2006 - 2009
එච්. ඩබ්. විජේරත්න මැතිතුමා
2006
රංජිත් වික්‍රමරත්න මැතිතුමා
2002 - 2006
ඇල්බට් රත්නායක මැතිතුමා
1991 - 2002
ඊබර්ට් කොල්මන් මැතිතුමා
1990 - 1991
පර්සි අබේසිංහ මැතිතුමා
1988 - 1989